Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් වෙළෙඳ නෞකා ආරක්‍ෂා කිරීමේ සිය ප්‍රමුඛ අරමුණ බව සඳහන් කරමින්, එක්සත් ජනපදය සමග එක්ව මෙහෙයුම්වලට සම්බන්ධවීමට ගත් තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර ආසියාතික රටවල තානාපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී සාධාරණීකරණය කළ බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, මැද පෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමග ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.
එය කිසිදු රටක් සමඟ හමුදාමය පෙළගැස්මක් නොව, නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීමේ අරමුණින් ගත් පියවරක් බව ඔහු සඳහන් කර ඇතැයි පැවැසේ.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, වෙළඳ යාත්‍රාවලට එල්ල වූ ප්‍රහාරය ගෝලීය වෙළඳාමට බලපානු ඇති බවත්, එය අවසානයේ ශ්‍රී ලංකාවටද දැනීමත් සමඟ මිල ඉහළ යෑමට හේතු වන බවත්ය.
එසේම, ශ්‍රී ලංකාව ‘රාජ්‍ය දෙකක විසඳුමක්’ සඳහා පලස්තීන හිතවාදී ප්‍රතිපත්තියේ සිටින බවද ඔහු පවසා ඇත.
ගාසා තීරයේ එදිරිවාදිකම් නැවැත්විය යුතු බවට ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවලට සහාය දැක්වීමේ ස්ථාවරයේ ශ්‍රී ලංකාව නොසැලී සිටින බවද ඔහු අවධාරණය කර තිබේ.
මෙහිදී පලස්තීනුවන්ගේ ප්‍රශ්නයට ශ්‍රී ලංකාව දක්වන සහයෝගයට බටහිර ආසියාතික නියෝජිතයෝ සිය කෘතඥතාව ද පළ කර ඇත.
හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාරයන් ඉලක්ක කර ඇත්තේ, හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් සහ ඊශ්‍රායලයේ පසුකාලීන යුද්ධයෙන් පසුව ආසියාවේ සහ යුරෝපයේ වෙලඳපොලවල් සම්බන්ධ කරන තීරණාත්මක Bab el-mandeb සමුද්‍ර සන්ධිය හරහා සංක්‍රමණය වන වාණිජ නැව් යාත්‍රායි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart