Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයකින් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ඉවත්වී ඇත.
මෙලෙස නඩුවෙන් ඉවත්ව ඇත්තේ, විනිසුරු චමත් මොරායස් ය.
එම ඉවත්වීම පිළිබඳව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විවෘත අධිකරණයේ අද (27) ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අභියාචනාධිකරණයේ සභාපතිවරයා පවසා ඇත්තේ, චමත් මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී, වගඋත්තරකාර සනත් නිෂාන්තව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, ඔහු මෙම නඩුව විමසීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.
ඉකුත් වසරේ අගෝස්තු මස 23වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකළ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කිරීම හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්, ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරුන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම් විභාගය ලබන 31 වනදා නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදින නව විනිසුරු මඩුල්ල නම් කරන බව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart