January 9, 2024

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඉල්ලා අස්වීම සභාවට දැනුම් දුන්නේය.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාරදී  තිබේ.

සිය දරුවන්ටද රටේ ජනතාව සාපකරන තත්වයක් උදාවී ඇති බැවින් කලකිරීමක් සහිතව තමා මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%