November 17, 2024

ජාතික ජන බලවේග නව ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් සුබනොපැතීම දේශපාලන ලෝකයේ කතාබහට ලක්ව තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව, නව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් කඩිනමින් සුබපතිමට පියවර ගෙන තිබුණු නමුත්, ජනපති අනුර කුමාර දිසානායකගේ පක්ෂය මහමැතිවරණයෙන් ලබාගත් දැවැන්ත ජය හමුවේ දින තුනක් ගතවනතුරුත්, කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහ පාකිස්ථාන මහකොමසාරිස්වරු නව ආණ්ඩුවට සුබපැතීම සඳහා කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකාවේ පසුගිය මහමැතිවරණයට සුළු කාලයක් පමණක් ඉතිරිව තිබියදී එක්සත් ජනපදය විසින්, ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවමින් ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙත සංචාරක උපදේශන නිවේදනයක් නිකුත් කළ අතර, එය දේශපාලනිකව මෙන්ම සංචාරක කර්මාන්තය පාර්ශ්වයෙන්ද ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල කළේය.

කෙසේවෙතත් සති කිහිපයකින් අනතුරුව එක්සත් ජනපදය විසින්ම, ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ ෆර්හාඩ් ෂකේරි නමැත්තකු බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද පිටු ගණනාවකින් යුත් දීර්ඝ වාර්තාවක එක් වාක්‍යයකින් පමණක් සටහන් කරමින්, ශ්‍රී ලංකාවට එල්ල කෙරුණු බලපෑම අවසන් කෙරිණි.

 

42.31%
17.27%
32.76%