July 13, 2024

ම⁣ගේ මතේනම් මේක කඩන්න බෑ..
800 සදාතනිකයි,
මුරලි ලෝක පූජිතයි..
ශේන් වෝන්ට වගේ මැච් තිබ්බනම් මුරලි එදා විකට් 1000 ගන්න එක කාටවත් නවත්තවන්න බෑ.
හැබැයි මුරලිට අල්ලගෙන හිටියනම් විකට් 1000 ගන්න බැරිකමුත් තිබ්බේ නෑ.
ඒකට අවස්ථාවත්, වටපිටාවත් ඒකාලේ ඕනතරම් තිබ්බා.
හැබැයි මුරලි බල්ලා මාර්ක් නොවී එදා හරි තැනදි අයින් වුණා.
නිකන්ම නිකන් මුරලි විදියට නෙමෙයි ලෝක පූජිත මුරලිදරන් විදියට.
ඉන්දියාව එක්ක මැච් තුනම ගහන්න ඕනතරම් අවස්ථාව තිබිලත් මුරලි ගාල්ලේ තිබ්බ පළවෙනි මැච් එකෙන්ම ගෙදර යන්න තීරණය කළා.
එතකොට මුරලි අරන් තිබ්බේ විකට් 792යි.
එදා මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කළා ඔබට තව විකට් 8ක් තියෙනවා 800ට, ඒක මේ මැච් එකෙන් ගන්න පුළුවන් ද? මැච් තුනම සෙල්ලම් කළොත් විකට් 800 ලේසියන්ම අරගෙන ගෙදර යන්න පුළුවන් නේද කියලා.
මුරලි ඒකට දීපු උත්තරේ තමයි, 800 කියන්නේ නොම්බරයක් විතරයි, මට එක ටෙස්ට් මැච් එකක විකට් 8ක් ගන්න බැරිනම් මගෙන් වැඩක් තියෙනවද යන්නයි.
ඒ වගේම මම මැච් තුනම සෙල්ලම් කරොත් නවකයෙක්ට දෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා කියලත් මුරලි කිව්වා.
අන්තිමට අභියෝගය භාර ගත්තු මුරලි ප්‍රබල ඉන්දියාවට එරෙහිව හරියටම විකට් 8ක් අරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා විදියට සුපිරි වැඩ්ඩෙක් වෙලා ගෙදර යනවා.
මුරලි විකට් 799යි, ඉන්දියාවේ දෙවැනි ඉනිමේ කඩුලු 9යි, ඒක තමයි කවදාවත් අමතක නොවන මොහොත.
මුළු රටක් මුරලි වෙනුවෙන් ඒ විකට් එක මුරලිට ලැබෙන්න කියලා ආශිර්වාද කළා, ටීම් එක මුළු මැච් එකේදිම දුන්නේ පුදුම සහයෝගයක්, ඉන්දියාව උත්සාහ කරේම කාට විකට් දුන්නත් මුරලිට විකට් නොදී ඉන්න.
අවසානයේ මුරලි අන්තිම විකට් එකත් අරගෙන මැච් එකත් දිනවලා, විකට් 800ත් සම්පූර්ණ කළා.
ඒ, මොහොත අදටත් මතක් වෙනකොට ඇත්තටම හිරිගඬු පිපෙනවා.
ඒ තමයි මුරලි..
මුරලිගෙ කතාවට මම අද ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්⁣ගේ කතාව සම කරන්න උත්සාහ කරනවා.
කොදෙව්වන්ට එරෙහි ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළවෙනි ටෙස්ට් මැච් එකෙන් පස්සේ ගෙදර යනවා කියලා ඇන්ඩර්සන් Fb එකෙන් මුලින්ම කිව්වේ පසුගිය මැයි 11 වැනිදා.
එතකොට ඇන්ඩර්සන් තමන්ගේ අන්තිම මැච් එකට ආවේ විකට් 700 අරගෙන.
කොදෙව් මැච් එකේදි තව විකට් 9ක් ගත්තනම් ශේන් වෝන්ගේ විකට් 708 පාස් කරලා ලෝකයේ වැඩිම ටෙස්ට් විකට් ගත්තු දෙවැනි පන්දු යවන්නා වෙන්න ඇන්ඩර්සන්ට අවස්ථාව තිබ්බා.
නමුත් කොදෙව්වන්ට එරෙහි තරගය එංගලන්තය දින්නත් ඇන්ඩර්සන්ට ගන්න පුළුවන් වුණේ මුළු මැච් එකටම විකට් 4යි.
ඇන්ඩර්සන්ගේ ක්‍රිකට් දිවිය අන්තිමට විකට් 704න් නතර වුණා.
මුරලි ලෝකෙන් තාමත් අංක 01, ජීවතුන් අතර නැති වුණත් ශේන් වෝන් තාමත් ලෝකේ 02, ජේම්ස් ඇන්ඩර්සන් ලෝකේ 03.
මුරලි එදා කඩඉම පැන්නත්, ඇන්ඩර්සන්ට කඩඉම පැනගන්න බැරිවුණා.
කතාව ටිකක් එක වගේ වුණාට, ප්‍රතිඵලය වෙනස්.
මගේ මතේ නම් වෝන්ගේ වාර්තාව කැඩුවත්, මුරලිගෙ වාර්තාව කඩන්න බැරිවෙයි කියන එක..

චතුරංග රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙනි.