Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත්, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පෙන්වාදෙයි.
කොළඹදී පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව සඳහන් කළේය.
කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම සඳහා සියයට සියයක රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් වාහන ගෙන්වීම එක් ආයතනයකට ප්‍රතිලාභය සැලසෙන පරිදි අවස්ථාව සලසාදී තිබෙන බවත්, මෙම විද්‍යුත් වාහන සඳහා පළමු වසර දෙකේදී මෙරට තුළදී අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බවත්, එම සංගමය සඳහන් සඳහන් කළේය.
එමෙන්ම මෙලෙස එක් ආයතනයකට පමණක් වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම නිසා එම ආයතනයට සිය අභිමතය පරිදි වාහන මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව හිමිවන බව සංගමය පෙන්වාදුන්නේය.
අදාළ කැබිනට් යෝජනාව අනුමත වුවහොත් දැනට පිරිහෙමින් පවතින වාහන කර්මාන්තයට තවත් දැඩි ලෙස බලපෑමක් එල්ල වන අතර,මෙලෙස වාහන ආනයනය කිරීම නිසා ජාතික ආදායමට හෝ ආර්ථිකයට අපේක්ෂිත ප්‍රතිඵලයක් අත් නොවන බවත්, තීරුබදු රහිතව වාහන ආනයනය කිරීම නිසා රජයට වාසියක් නොලැබෙන බවත්, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ එහිදී සඳහන් කළේය.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ජනමාධ්‍ය හමුවේදී මෙසේ පැවැසීය.
“විද්‍යුත් වාහන ආනයනය කරන සමාගමේ නම සහිතවයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අය මීට පෙරදී ලංකාව තුළ වාහන එකලස් කිරීමට අවසරය ලබාගෙන තිබුණා. දැන් ඒ අය අලුත් මුහුණුවරකින් විද්‍යුත් වාහන ආනයනය කරන්න සූදානම් වෙනවා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් ආකාරයට තීරුබදු රහිතවයි වාහන ආනයනය කෙරෙන්නේ’’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart