January 11, 2024

විදේශීය පක්ෂීන් 330ක් නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය (The Centre for Environmental Justice) අවධානය යොමුකර තිබේ.

එම මධ්‍යස්ථානය පවසන්නේ, මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළට පෞද්ගලික ගුවන් යානයක් මගින් මෙම පක්ෂීන් රැගෙනවිත් ඇති බවයි.

විදේශීය පක්ෂීන් නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් පරිපූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස, පාරිසරික යුක්ති කේන්ද්‍රය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිවරයා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

ඉල්ලීම් ලිපියෙන් දින 14ක් ඇතුළත බලධාරීන් කටයුතු කිරීමට අපොහොසත් වුවහොත්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවන බව පාරිසරික යුක්ති කේන්ද්‍රය අනතුරු අඟවා තිබේ.

42.31%
17.27%
32.76%