December 8, 2023

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙන්නාගෙන් එක් සතෙක් ඊයේ සවස මියගොස් ඇත.

විමර්ශනවලට අනුව එම සත්වයා මියගොස් ඇත්තේ සිහිනැති කිරීමේ ඖෂධ අධිමාත්‍රාවක් හේතුවෙන් බව දැනට අනාවරණය වී ඇත.

පාදයක ආබාධයකට බෙහෙත් කිරීම සඳහා සත්වයා සිහිනැති කිරීමෙන් පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට නොපැමිණි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මේ පිළිබඳ සත්ත්වෝද්‍යානයේ නව අධ්‍යක්ෂ රංජන් මාරසිංහ පවසා ඇත්තේ, ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවයක් හේතුවෙන් එම සත්වයා මියගිය බව පශු වෛද්‍යවරුන් තමන්ට දැනුම්දුන් බවය.

මේ පිළිබඳ ස්වාධින පරීක්ෂණයක් පවත්වන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

කෙසේවුවත් මෙවැනි දුර්ලභ සතුන් සමග ගනුදෙනු කිරීමේ දී මීට වඩා සැළකිලිමත් විය යුතු බව පරිසරවේදීහු පෙන්වාදෙති.

42.31%
17.27%
32.76%