Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම පවරා සිටි බව කියන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයකු වන ෆර්හාඩ් ෂකේරි සම්බන්ධ හඬපට ගණනාවක් හෙළිදරව් කර ගැනීමට හැකි වී ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවතින්නේ ඉරානයේ උත්තරීතර නායකයාගේ අධිකාරිය යටතේය.
ඉරාන මිලිටරි සහ ප්‍රති-බුද්ධි ආයතනයක් ලෙස ද ක්‍රියා කරන එම බලකාය 2019 වසරේ අප්‍රේල් 15 සිට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විසින් විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
එම සංවිධානයේ සාමාජිකයකු වන ෆර්හාඩ් ෂකේරි ඉරානයේ ටෙහෙරාන් හි දැනට පදිංචිව සිටින බවට විශ්වාස කෙරේ.
ෂකේරි කුඩා කාලයේදීම එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇති අතර සොරකම් කිරීමේ වරදකට වසර 14ක සිර දඬුවම් විඳීමෙන් පසු 2008 වසරේ හෝ ඊට ආසන්න කාලයේදී පිටුවහල් කර තිබේ.
ෂකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ලබාදෙන ඉලක්ක නිරීක්ෂණ කිරීම සඳහා සහ ඝාතන සිදු කිරීම සඳහා එම බලකාය වෙත පිරිස සැපයීම වෙනුවෙන් යොදාගෙන ඇත්තේ එක්සත් ජනපද සිරගෙදරදී ඔහුට හමු වූ අපරාධ සගයන්ගේ ජාලයකි.
ෂකේරිගේ ජාලයේ සාමාජිකයන් දෙදෙනෙකුට මේ වනවිටත් අපරාධ චෝදනා එල්ල වී තිබේ.
ෂකේරිගේ හඬ පට මගින් පෙනීගොස් ඇත්තේ ඔහු ලබාදුන් උපදෙස් පරිදි, ලෝඩ්හෝල්ට් සහ රිවේරා යන එම චූදිතයන් දෙදෙනා එක්සත් ජනපදයේ වෙසෙන ඉරාන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු නිරීක්ෂණය කිරීමට මාස ගණනාවක් ගත කර ඇති බවයි.
එම පුරවැසියා ඉරාන පාලන තන්ත්රය දැඩිව විවේචනය කරන අයෙකි.
ෂකේරි විසින් ලබාදීමට පොරොන්දු වූ ඩොලර් 100,000ක ගෙවීම වෙනුවෙන් රිවේරා සහ ලෝඩ්හෝල්ට් විසින් ෂකේරිගේ ඝාතන ඉලක්කය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට උත්සාහ කර තිබේ.
එහිදී ඔවුන් විසින් සොයාගනු ලැබූ තොරතුරුවල ප්‍රගතිය, අදාළ ඡායාරූප සහ ගෙවීම් තොරතුරු ඔවුන් විසින් බෙදා හදාගෙන ඇති බව ද හෙළි වී ඇත.
උදාහරණයක් ලෙස, 2024 පෙබරවාරියේ හෝ ඊට ආසන්න කාලයකදී, රිවේරා සහ ලෝඩ්හෝල්ට් ඔවුන්ගේ ඉලක්කගත පුද්ගලයා පැමිණීමට නියමිතව සිටි ෆෙයර්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයට ගොස් එහි ඡායාරූප ගෙන ෂකේරි වෙත යොමුකර ඇත්තේ ඊට අදාළ ගෙවීම ගැන පණිවිඩයක් ද තබමිනි.
එසේම අප්‍රේල් මාසයේ හෝ ඊට ආසන්න දිනකදී, ෂකේරි විසින් එම ඉලක්කගත පුද්ගලයා සොයා ගැනීමට සහ ඝාතනය කිරීමට ඔවුන් දරන උත්සාහය ගැන සාකච්ඡා කරමින් හඬ සටහන් මාලාවක් රිවේරාට යොමුකර ඇත.
එමගින් ෂකේරි උපදෙස් දී ඉලක්කගත කාන්තාවගේ නිවස තුළට පිවිසීමෙන් වළකින ලෙසයි.
“ඔබ ඉවසන්න ඕනේ… ගෙට යද්දී හරි ගෙයින් එද්දී හරි ඇයව අල්ලගන්න නම් බලාගෙන ඉන්න ඕනේ. ගේ ඇතුළට යන්න හිතන්නවත් එපා. ඇතුළට යනවා කියන්නේ සියදිවි නසාගැනීමක්” යනුවෙන් ෂකේරි උපදෙස් දී තිබිණි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ මීට අමතරව, එක්සත් ජනපදයේ සිටින එක්සත් ජනපද සහ ඊශ්‍රායල පුරවැසියන් ඝාතන කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ශකේරි වෙත පවරා ඇති බවයි.
විශේෂයෙන්ම, ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් සැපයීමට 2024 ඔක්තෝබර් 7 වැනි දින ඔහුට පැවරුණු බව ෂකේරි දන්වා ඇත.
ෂකේරි ප්‍රකාශ කර ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් නියම කරන ලද කාල රාමුව තුළ ට්‍රම්ප් මරා දැමීමේ සැලැස්මක් යෝජනා කිරීමට තමා අදහස් නොකළ බවයි.
නිව් යෝර්ක් නගරයේ වෙසෙන යුදෙව් අමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු නිරීක්ෂණය කිරීම තමාට පැවරී ඇති බවත්, වින්දිතයකු ඝාතනය කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නිලධාරියකු විසින් ඩොලර් 500,000ක් පිරිනැමූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ද ඔහුට පැවරී තිබිණි.
ෂකේරි, රිවේරා සහ ලෝඩ්හෝල්ට් යන සියල්ලන්ටම කුලියට මිනීමැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, එය උපරිම වශයෙන් වසර 10ක සිර දඬුවමක් නියම කළ හැකි වරදකි.
කුලියට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම වසර 10ක සිර දඬුවමකට යටත් කරන වරදක් වන අතර මුදල් විශුද්ධිකරණයට කුමන්ත්‍රණය කිරීම වසර 20ක උපරිම සිරදඬුවම් ලැබිය හැකි වරදක් වේ.
විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද ෂකේරිට චෝදනා එල්ල වී තිබේ.
එය වසර 20ක උපරිම දඬුවමකට යටත් කළ හැකි වරදකි.
විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීම වසර 20ක් දක්වා උපරිම දඬුවම් ලැබිය හැකි වරදක් බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart