March 7, 2025

කොග්ගල මුහුදු තීරයේ සිරි නැරඹීමට පැමිණෙන විදේශිකයකුට ඡායාරූප ගැනීම වළක්වමින් එළවීමට කටයුතු කළ පුද්ගලයකු සම්බන්ධයෙන් අහංගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම පුද්ගලයා විදේශික කාන්තාවකට තර්ජනය කරමින් පළවා හරින්නේ අදාළ වෙරළ කොටස තමාට අයත් පෞද්ගලික දේපලක් බව පවසමිනි.

එම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන අදාළ කාන්තාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත.