October 29, 2023

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තමන්ට ලබාදී තිබූ නිල රථය ආපසු භාරනොදීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටියි.

ඔහු වෙනත් අමාත්‍යංශයකට මාරු කළද මාස 10කට වැඩි කාලයක් නිල රථය භාරදී නොමැති බව හෙළිදරව්වී ඇත.

මෙම හෙළිදරව්ව සිදුකර ඇත්තේ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාව මගිනි.

වාර්තාවට අනුව, අදාළ ලේකම්වරයා 2022 දෙසැම්බර් 31 දින මාරුකර යවා ඇති අතර, මෙම මාරුව අතරතුර කාලයේ ඔහු අමාත්‍යංශයට අයත් ටොයෝටා ලෑන්ඩ් කෲසර් වී 8 වර්ගයේ වාහනයක් සන්තකයේ තබාගෙන සිට ඇත.

අද වනතුරු එම වාහනය නිල වශයෙන් අමාත්‍යංශයට භාරදී හෝ ඔහුගේ වත්මන් අමාත්‍යංශයට පවරා දී නැත.

විගණන වාර්තාව මගින් තවත් කරුණක් ගැනද හෙළිදරව්වක් සිදුකර ඇත.

එනම්, ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අයත් වාහන 08ක් වෙනත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශවලට ණයට දී ඇති බවයි.

පුදුමයට කරුණ නම් මෙම වාහන විධිමත්ව ඒ ඒ ආයතනවලට භාරදී නොමැති අතර ඒවා 04ක් භාවිතයට නොගෙන තිබීමයි.

මැයි 02 වැනි දින පැවැති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම වාහන 08 ඔවුන්ගේ සේවා සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතා සැළකිල්ලට ගෙන නීත්‍යනුනුකූල ආයතන වෙත ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමුකර ඇත.

මෙම වත්කම්වල පැවැත්ම සහ ආරක්‍ෂාව මෙන්ම ඒවා ඵලදායි ලෙස භාවිත කිරීමේ වැදගත්කමද කමිටුව විසින් අවධාරණය කර තිබේ.

අතුරුදන් වූ රාජ්‍ය වාහනය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක පවසන්නේ, වාහනය ආපසු ලබා නොදුන් හිටපු ලේකම්වරයා මේ වන විට වෙනත් අමාත්‍යංශයක ද්විත්ව භූමිකාවක් දරන බවයි.

වාහනය මාරු කරගන්නා ලෙසට කිහිපවතාවක්ම දැනුම් දී ඇතත් එම නිලධාරියා එම ඉල්ලීම ඉටුකර නැති බව දැනගන්නට ඇත.

මෙම නිලධාරියා මාස කිහිපයකින් විශ්‍රාම යෑමට නියමිත අතර ඔහු පිටත්ව යාමට පෙර වාහනය ආපසු ලබාගැනීමට අමාත්‍යංශය අපේක්ෂා කරයි.

මීට අමතරව, වාහනය ඔහුගේ වත්මන් අමාත්‍යංශයට පැවරීමේ හැකියාව ඇති බව නිලධාරියාට දන්වා ඇතත් ඔහු තවමත් මෙම යෝජනා හෝ ඉල්ලීම් කිසිවකට ප්‍රතිචාර දක්වා නැත.

42.31%
17.27%
32.76%