December 4, 2023

මෙරට වැඩියෙන්ම රජයට බදු ගෙවන අවුරුදු 85ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250ක් වැනි ප්‍රමාණයක් යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසයි.

2023 ඔක්තෝබර් මාසය වනවිට මෙරට ජනගහණයෙන් දෙලක්‍ෂ තිස්පන්දහසක් බදු ගෙවිය යුතු බවට ලියාපදිංචි වී තිබෙන බවද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පසුගියදා (01) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සදහන් කරයි.

මෙරට රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 13ක් සිටින අතර රුපියල් ලක්‍ෂයකට වඩා වැටුප් ලබා ගන්නා අය සිටින්නේ විසිපන්දහසක් බවත්, දොළොස් ලක්‍ෂ හැත්තැපන්දහසක් පමණ රාජ්‍ය සේවකයන් රුපියල් ලක්‍ෂයකට අඩුවෙන් වැටුප් ගන්නා අය බවත්, ඔහු සඳහන් කරයි.

එමෙන්ම පෞද්ගලික අංශයේ හත්ලක්‍ෂ හැටපන්දාහක පිරිසක් ලක්ෂයට වඩා වැටුප් ගන්නා නමුත් මහපාරට ගොස් ඇතැමුන් පාවිච්චි කරන වාහන දෙස බැලීමේදී විශාල බදු ගෙවිය හැකි පිරිසක් බදු නොගෙවා සිටින බවට හැඟෙන බව ද හෙතෙම පවසයි.

රාජ්‍ය සේවකයන් 25,200ක් රජයට බදු ගෙවන අතර පෞද්ගලික අංශයේ ලක්‍ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් රජයට බදු ගෙවන බවත්, එහෙත් පෞද්ගලික අංශ සේවකයන් විරෝධතා දක්වනවා දැක නැති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.(දිවයින)

42.31%
17.27%
32.76%