Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ සෑම වසරකම කාන්තාවන් 313,000 කට ආසන්න සංඛ්‍යාවක් ගැබ්ගන්නා නමුත් මෙම ගැබ්ගැනීම්වලින් සැළකිව යුතු සංඛ්‍යාවක් නිරෝගී දරු උපත්වලට හේතු නොවන බව සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයට අනුව, ගර්භණීභාවයේ මුල් මාස කිහිපය තුළ කාන්තාවන් 26,000කට ආසන්න සංඛ්‍යාවකට කළල අහිමි වන අතර, සති 28 කට පසු ගර්භාෂය තුළම ළදරුවන් 1,700 ක් පමණ මියයන බව පැවැසේ.
කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පෙන්වාදුන්නේ, දිනෙන් දින ඉහළ යන ගර්භණී සංකූලතා, නොමේරූ දරු උපත් සහ ළදරු මරණ පිළිබඳව අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
සංඛ්‍යාලේඛණ අනුව මෙරට තුළ සෑම වසරකම ආසන්න වශයෙන් සජීවී උපත් 280,000ක් සිදුවන අතර ඉන් ළදරුවන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් අඩු බරකින් උපදියි.
ඒ අතරින් තවත් බොහෝදෙනෙකුට දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වේ.
එමෙන්ම ඛේදජනක ලෙස, විවිධ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් අලුත උපන් ළදරුවන් ළමුන් 2,500 කට පමණ ඔවුන්ගේ පළමු වසර තුළදීම දිවි අහිමි වන බව වෛද්‍ය කපිල ජයරත්න පවසයි.
එමෙන්ම ඔහු මෙරට වත්මන් ළදරු මරණවලට ප්‍රධානතම හේතු සම්බන්ධයෙන් ද විස්තර කළ අතර ඒවා පහත පරිදි වේ.
උපත් ආබාධ (46%)
නොමේරූ දරු උපත් (26%)
උපතේදීම හුස්ම හිරවීම (12%)
උපතේදීම ආසාදන (6%)
මීට අමතරව වයස අවුරුදු පහට අඩු ළමා මරණ සළකා බැලීමේදී එම සංඛ්‍යාව වාර්ෂිකව දළ වශයෙන් 3,300 දක්වා ඉහළ ගොස් තිබේ.
රට තුළ උපත් අනුපාතිකය අඩුවීම සහ මරණ ඉහළයෑම සම්බන්ධයෙන් ද වාර්තා වේ.
ශ්‍රී ලංකාව උපත් අනුපාතිකයේ කැපීපෙනෙන අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර එය 2019 දී 319,000 සිට 2023 දී 247,000 දක්වා පහත වැටී ඇත.
එම අඩුවීම ප්‍රතිශතයක් ලෙස 22-23%ත් අතර අගයක පවතී.
එමෙන්ම සියලුම වයස් කාණ්ඩවල සමස්ත මරණ සංඛ්‍යාව 2020 දී 132,000 සිට 2023 දී 181,000 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම අභියෝග මධ්‍යයේ වුවද මෙරට සෞඛ්‍ය සේවාව ප්‍රගතියක් ලබා ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
1950 දශකයේදී අවුරුදු 53-56 ත් අතර පැවැති මෙරට ආයු අපේක්ෂාව මේ වන විට පිරිමි පුද්ගලයන් අවුරුදු 73 දක්වාත් මෙරට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වර්තමානයේදී අවුරුදු 80 දක්වාත් වැඩි වී ඇති බව වෛද්‍ය කපිල ජයරත්න පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart