November 23, 2024

අර්ජුනා වාඩි වෙන්නේ කොතැනද? කතා කරන්නේ කොහොමද?

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් පැනවීමේ දී පක්ෂ නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය, නමේ අකාරාදිය ආදී කරුණු සළකා බැලේ.

සජබ ජ්‍යෙෂ්ඨයන්ට ආසන 12ක් ද, දෙමළ ජාතික සන්ධානයට ආසන 2ක් ද, පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සිලින්ඩරය, පොහොට්ටුව, මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් ගේ පක්ෂය (ඒ.සී.එම්.සී) ඇතුළු පක්ෂවලට එක් අසුන බැගින් ද ජීවන් තොන්ඩමන් සහ බොහෝ විට කාදර් මස්තාන්ට ඉදිරි පෙළ අසුන බැගින් ද හිමිවනු ඇත.

මුළු රටම කතා කරන යාපනය ස්වාධීන කණ්ඩායම අංක 17 හි මන්ත්‍රී දොස්තර අර්ජුනා රාමනාදන්ට දෙවැනි හෝ තෙවැනි පෙළ අසුනක් හිමි වනු ඇත.

කෙසේවුව ද, පක්ෂ නායකයකුට හිමිවන වරප්‍රසාද සියල්ලම හෝ බහුතරයක් මෙම ස්වාධීන මන්ත්‍රීවරයාට ද හිමිවන්නේය.

ඒ අතර 27/2 යටතේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ද අයත් ය.

සජිත් ප්‍රේමදාස 27/2 යටතේ ප්‍රශ්න අසන්නට ඇති අවස්ථාවම යාපනයේ වෛද්‍යාචාර්යතුමාට ද 27/2 යටතේ ප්‍රශ්න අසන්නට ලැබෙන්නේ ය.

පාර්ලිමේන්තුව බලන්න අමතක කරන්න එපා!

රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුවෙනි

42.31%
17.27%
32.76%