Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් අයකර ගැනෙන මාසික පරිහරණ ගාස්තුව සම්බන්ධ අවස්ථා දෙකකදී අවලංගු වූ යෝජනාවක් නැවත වරක් ඛනිජ තෙල් සංස්ථා අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
බෙදුම්කරුවන් ප්‍රශ්න කරන්නේ, 2013 වසරේ ඉදිරිපත්වුණු යෝජනාවක් අද පවතින මිලට අනුකුලවන වට්ටම් පරාසයක සංශෝධනයකින් තොරව එම යෝජනාවම යළි ඉදිරිපත් කිරීම නීත්‍යනුකූල වන්නේ කෙසේද යන්නයි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් ආරම්භයේ සිටම සම්මත වට්ටම් මුදලින් 0.25% ප්‍රතිශතයක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අයකරගෙන තිබේ.
පසුව 2013 වර්ෂයේදී අධ්යක්ෂ මණ්ඩලය විසින් සංස්ථා පාලිත පිරවුම්හල් වෙතින් මාසික පරිහරණ ගාස්තුවක් අය කරගැනීමට යෝජනාවක් අනුමත කර ඇත.
ඒ අනුව එවක බෙදුම්කාරධූර ගාස්තුව ගෙවමින් සිටින බෙදුම්කරුවන් 14 දෙනාගෙන් පමණක්ම එම අයකළ ගාස්තුව අයකරගැනීමටත්, අනෙකුත් බෙදුම්කරුවන්ගෙන් මාසික පරිහරණ ගාස්තුව අයකරගැනීමට සුදුසු නව ගිවිසුමකට එළඹීය යුතු බවටත් අධ්යක්ෂ මණ්ඩලය එහිදී තීරණය කර තිබේ.
ඒ අනුව පෞද්ගලික නීති සමාගමකට රුපියල් මිලියන 10කට වැඩි ගාස්තුවක් ගෙවා සකසන ලද ගිවිසුමට අද දක්වාම බෙදුම්කරුවන් ඇතුළත් කරගෙන නොමැති බවට බෙදුම්කරුවෝ චෝදනා කරති.
එසේම බෙදුම්කරුවන් පෙන්වාදෙන්නේ මෙලෙස මාසික පරිහරණ ගාස්තුවක් අය කරගැනීමට නම් දැනට බෙදුම්කරුවන්ගෙන් අයකරන 0.25% වට්ටම ප්‍රතිශතය ඉවත්කර සම්මත වට්ටම් මුදල ගණනය කළ යුතු බවට 2019 වර්ෂයේදී අධ්යක්ෂ මණ්ඩලය තිරණය කරන ලද බවයි.
රුපියල් මිලියන ගණනක් වැයකර සාදන ලද ගිවිසුම වසර දෙකක් මුළුල්ලේම නීති අංශය සඟවාගෙන සිටින්නේ ඇයිදැයි බෙදුම්කරුවන්ට ගැටලුවක් වී තිබේ.
ඔවුන් ප්‍රශ්න කරන්නේ, 2016 වර්ෂයේදී එම ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමෙන් පසු ලැබුණු උපදෙස්වලට අනුව ප්‍රධාන නීති නිලධාරීනිය ක්‍රියා නොකළේ මන්ද යන්නයි.
2013 වසරේ යෝජිත යෝජනාව අනුව බෙදුම්කරුවන් සමග නව ගිවිසුමකට එළඹීමට පවා නොහැකිවීම නිසා එම යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම මත මාසික පරිහරණ ගාස්තුව අයකරගැනීම පිළිබඳ සියලුම තීරණ 2022 වර්ෂයේදී අහෝසිකර ඇති බවද බෙදුම්කරුවෝ ප්‍රශ්න කරති.
ඔවුන් චෝදනා කරන්නේ අද පවතින මිලට අනුකුලවන වට්ටම් පරාසයක සංශෝධනයකින් තොරව 2013 යෝජිත, දෙවරක්ම අලවංගු කරන ලද යෝජනාවක් නැවත ක්‍රියාත්මක කිරීමට 2023 වසරේ නොවැම්බර මස දී අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart