Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනතාව ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතා විඳදරා ගන්නා මොහොතක රටේ ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වියහැකි දරුණු නියඟයක් පෙබරවාරි මාසයේ සිට ලබන වසරේ මැද භාගය දක්වා පවතිනු ඇති බවට විශේෂඥයෝ අනාවැකි මගින් අනතුරු අඟවති.
දේශගුණික විපර්යාස සහ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි එහි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාවේ SAARCSFOOD සංගමය විසින් සංවිධාන කරන ලද ඉහළ මට්ටමේ විද්‍යාත්මක සැසියකදී මෙම අනාවරණය සිදුකෙරිණි.
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහකාර නියෝජිත නලින් මුණසිංහ සිය කරුණු දැක්වීමේදී කියා සිටියේ දේශගුණික විපර්යාස නිසා වගා කාලවල වෙනස්වීම්, පළිබෝධ සහ රෝග පැතිරීමේ වෙනස්කම් සහ බෝග විනාශ වීමේ අවදානම වැඩිවිය හැකි බවයි.
ශ්‍රී ලංකාව දැනටමත් දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි රටක් වන අතර ගංවතුර, නියඟ සහ කුණාටු වැනි නිරන්තර ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බෝගවලට හානි සහ සැපයුම්දාම කඩාකප්පල් විය හැකිය.
ඒවා සමඟ කටයුතු කිරීමට සහ අවසානයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට ප්‍රතිපත්තිමය සහ අනුවර්තන ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
සායනික පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සිය ඉදිරිපත් කිරීමකදී කියාසිටියේ ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවාවේ ඉතා අඩු පිරිවැයකින් යහපත් සෞඛ්‍යයක් අත්කරගෙන දිගු ආයු අපේක්ෂාවක් ඇති කළ ද එවැනි ජයග්‍රහණ අසාර්ථකත්වයකින් අත්වැල් බැඳගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් තුනෙන් එකක් පමණ ආහාර අනාරක්ෂිත බවත්, ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම අසාර්ථකත්වයට පිළියම් යෙදීම වඩාත් අපහසු වනු ඇති බවත් ඇය පැවසුවාය.
“ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයකට ලක්ව සිටින අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමේදී ජනතාව විශාල දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමට මිනිසුන්ගෙන් සියයට 70ක් දුෂ්කරතාවන්ට මුහුණදෙන බව අපි ගණන් බලා තිබෙනවා. මීට අමතරව උෂ්ණත්වය ඉහළ යෑම සහ නිතර නිතර දැඩි පීඩාකාරී කාලගුණික තත්ත්වයන් ඇතිවීම ද කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායීතාවට විනාශකාරී බලපෑමක් ඇති කරනවා . ඇත්ත වශයෙන්ම, අපි අද එය අත්විඳිමින් ඉන්නේ, ”යනුවෙන් ඇය පැවසුවාය.
“වර්තමාන ආර්ථික අර්බුදය තුළ ආහාරවල ඉහළ මිල ගණන් හේතුවෙන් ක්ෂුද්‍ර පෝෂක පරතරය පුළුල් වෙමින් පවතිනවා. ඔබ දැනටමත් දන්නා පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට පමණ යම් ආකාරයක ක්ෂුද්‍ර පෝෂක ඌනතා පවතිනවා. අධ්‍යයනවලින් පෙනී යන්නේ ඉහළ කාබන්ඩයොක්සයිඩ් මට්ටම් යටතේ වගා කරන බොහෝ ශාකවල බී විටමින්, සින්ක් සහ යකඩ ඇතුළු ක්ෂුද්‍ර පෝෂකවල අඩුවීමක් ඇති බවයි. ක්ෂුද්‍ර පෝෂක ඌනතා ජීවිතයට තර්ජනයක් වන, මිනිස් සෞඛ්‍යයට සහ පෝෂණයට බලපෑම් කිරීමටත් තුඩුදෙනවා. ආහාර ශක්තිමත් කිරීම ක්ෂුද්‍ර පෝෂක පරතරය පිරවීමට උපකාරී වනවා. අඩු විවිධත්වයක් සහිත ආහාර නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් ක්ෂුද්‍ර පෝෂක ඌනතාවන්ට ගොදුරු වෙන්න පුළුවන්.” යැයි ද ඇය පැවසුවාය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ අබ්දුල් රහීම් සිද්දික් පැවසුවේ ශ්‍රී ලංකාව තුළ අධික වැසි සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම් පවතින බවයි.
“මෙම වෙනස්කම්වලට අනුවර්තනය වීමට අපි ප්‍රජාවන්ට සහාය නොදක්වන්නේ නම්, ප්‍රමාණවත් ආහාර නොමැතිකම සහ මන්දපෝෂණය වැඩිවීම සමඟ තවත් ගැටලු ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් සැළකිව යුතු කොටසක් වියළි හා අතරමැදි කලාපවල පවතින බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart