Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ සියලුම තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රාජ්‍ය ඇමැතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
“අකුසලතා ලකුණු ලබාදීම ආරම්භ කරන තෙක් අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණයකදී දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල මඟින් වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට යොමුකරනු ලබනවා.
එම දත්ත අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අදාළ දුරකතන අංකයට අනතුර පිළිබඳ කෙටි පණිවිඩයක් මෙන්ම වට්ස්ඇප් හරහා අනතුරට අදාළ වීඩියෝ පට යොමු කෙරෙනවා.
තවද රිය අනතුරු අවම කිරීමේ දැනුවත් කිරීම් පාසල් මට්ටමින් ආරම්භ කළ යුතු බවද අප හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ සංසද පිහිටුවීම අප්‍රේල් 03 වෙනිදා සිට ආරම්භ කරනවා. එහිදී විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත ශ්‍රේණි මට්ටමින් පාසල් සිසුන්ට ජනාධිපති පදක්කම දක්වා පියවර කිහිපයක් ඔස්සේ පදක්කම් පිරිණැමීමටත් අප සැළසුම් කර තිබෙනවා. රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී එම ජනාධිපති පදක්කම්ලාභීන් ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් කිරීමටද බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart