Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී පරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් නිකුත් කරන්නේද ? නැද්ද ? යන තීන්දුව නොවැම්බර් මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය.
පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කෙරිණි.
පෙත්සම කැදවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථය පැදවූ පෙත්සම්කරුගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට දඬුවම් නියම කර ඇතැයි සඳහන් කළේය.
මෙම රිය අනතුරු සිද්ධියට පෙත්සම්කාර පාඨලී චම්පික රණවකගේ සම්බන්ධයක් නොමැති බව එහිදී මහෙස්ත්‍රාත්වරයා තීරණය කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එසේ තිබියදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, එබැවින් අදාළ අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.(AD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart