Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන ඇමැතිවරු ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පෙත්සම් අද (10) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළ ප්‍රති විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම් ගොනුකළ දින සිට මාස දෙකක් තුළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළයුතු බව දන්වා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේ, මෙම පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා ඇත්නම් අද දින තුළ ගොනුකරන ලෙසය.
අනතුරුව පෙත්සම් විභාගය නියමිත පරිදි ලබන 12 වනදා පැවැත්වීමට දින නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart