Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකිදැයි සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ෂාෆ්ටර්ගේ මරණයට හේතු සොයාබැලීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුවට නියෝග කර ඇත.
ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කරන ලද්දේ, තම සේවාදායකයන්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බවයි.
මරණකරුගේ දේහය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි “චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්” නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබාගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මරණකරුගේ දේහය තවදුරටත් විමර්ෂණ සදහා අවශ්‍ය වන්නේ ද, එය ආදාහනය කිරීමට අවසර දිය හැකි ද යන්න පිළිබඳ අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම මරණයට හේතු සොයාබැලීමට පත්කර ඇති පංචපුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස්ට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart