Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්රජාතන්ත්රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කිරීමට පියවර ගෙන ඇති බව මැතිවරණ නීති සංශෝධන සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.
එහි ලේකම් මාධව දේවසුරේන්ද්‍ර සඳහන් කරන්නේ, ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ එස්තෝනියාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනය කරන බවයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයාබැලිය හැකි ආකෘතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි.
මෙම කොමිසමට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව පුද්ගලයන්ගෙන් සහ සංවිධානවලින් යෝජනා 60කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව පැවැසේ.
මෙම යෝජනා ඇගැයීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ලේකම්වරයා සඳහන් කරයි.
අදාළ යෝජනා ඉදිරිපත් කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ජනාධිපති විමර්ශන කොමිසම සැලසුම් කර තිබේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 15 වැනිදායින් අවසන් වීමට නියමිතය.
මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් නියමිත දිනට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව මාධව දේවසුරේන්ද්‍ර ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, අවසන් වාර්තාව එදිනට පෙර ලබාදෙන්නේද යන්න මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ලේකම්වරයා පවසයි.
2023 ඔක්තෝම්බර් 15 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනට පවතින සියලුම මැතිවරණ නීති රීති සහ රෙගුලාසි විමර්ශනය කිරීම සහ විමර්ශනය කිරීම, මැතිවරණ නීති සංශෝධනය සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු ලබාගැනීම සහ ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමලත් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප්රියසාත් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් 10 දෙනකුගෙන් යුත් විමර්ශන කොමිසමක් පත්කරන ලදී.
දේශපාලන පක්ෂවල අඛණ්ඩතාව ආරක්ෂා කරන මැතිවරණ නීති සංශෝධන යෝජනා කිරීම සඳහා ජනවරමක් සහිත කොමිසමක් ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළේය.
මෙම කොමිෂන් සභාව 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පනතේ 2 සහ 3 වගන්තිවල දක්වා ඇති නියමයන්ට අනුකූලව ක්‍රියාත්මක වන අතර, විශ්‍රාමලත් අගවිනිසුරු ජනාධිපති නීතීඥ වේවගේ ප්රියසාත් ජෙරාඩ් ඩෙප් එහි සභාපතිත්වය දරයි.
සුන්දරම් අරුමනායගම් සේනානායක අලින්දලාගේ, ජනාධිපති නීතීඥ නලින් ජයන්ත අබේසේකර, රාජිත නවීන් ක්‍රිස්ටෝපර් සේනාරත්න, අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, එස්තර් ශ්‍රීයානි නිමල්කා ප්‍රනාන්දු සහ විතාරණානි රොනාන්ද්රිගෝ මෙම කොමිසමේ සෙසු කොමසාරිස්වරු වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart