Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ පැතිර යමින් තිබෙන වෛරසයක් සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා කතා බහට ලක්ව තිබේ.
එම වෛරසය වන්නේ Human Metapneumovirus හෙවත් HMPV ය.
HMPV යනු පොදු ශ්වසන වෛරසයකි.
මෙම වෛරසය 2001 දී නෙදර්ලන්තයෙන් සොයා ගන්නා ලදී.
මෑත සොයාගැනීම්වලින් පෙනී යන්නේ මෙම වෛරසය වසර 50කට වැඩි කාලයක් ලොව පුරා ශ්වසන ආසාදනවලට හේතුවක් වී ඇති බවයි.
වෛරසයට නිරාවරණය වීම සහ මුල් රෝග ලක්ෂණ මතු වීම අතර කාලය දින තුනත් හයත් අතර වේ.
HMPV ආසාදන ඉතා සුලභ බව කියනු ලැබේ.
බොහෝ පුද්ගලයන්ට වයස අවුරුදු 5ට පෙර අවම වශයෙන් එක් වරක් මෙම ආසාදනය ඇති විය හැකිය.
මෙම වයිරසය පුද්ගලයකුට බොහෝ වාර ගණනක් ආසාදනය වීමට ඉඩ ඇත.
ළමුන් අතර, HMPV ආසාදන සියලුම ශ්වසන ආසාදනවලින් 10න් 1ක් පමණ වන බව විශ්වාස කෙරේ.
ඍතු සමයන් සහිත රටවල, මෙම ආසාදනය ශීත ඍතුවේ හෝ මුල් වසන්ත මාසවලදී සිදු වේ.
HMPV ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ ශ්වසන ස්රාවයන් මගිනි.
ආසාදිත පුද්ගලයකුගේ ස්‍රාව බිඳිති සමඟ සම්බන්ධ වුවහොත් (ආසාධිත පුද්ගලයා කිවිසුම් යාම හෝ කැස්ස හරහා) හෝ ආසාදිත මතුපිටක් ස්පර්ශ කිරීමෙන් පසු මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කළහොත් යමකු වෛරසයට නිරාවරණය විය හැකිය.
HMPV ආසාදන නිසා කිවිසුම් යෑම, නාසයෙන් දියර ගැලීම, කැස්ස හෝ උගුරේ අමාරුව වැනි මෘදු සීතල වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.
මේවා සාමාන්‍යයෙන් දින කිහිපයක් පවතී.
දුර්ලභ අවස්ථාවන්හිදී, විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය තුළ, වඩාත් බරපතළ රෝග ලක්ෂණ ඇති විය හැක.
HMPV ආසාදන සමහර කණ්ඩායම් අතර බහුලව පවතින බව කියනු ලැබේ.
අලුත උපන් බිළිඳුන්, වයස අවුරුදු 5ට අඩු ළමුන්, අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ඇදුම හෝ නිදන්ගත පෙනහළු ආබාධ ඇති අය, නිතිපතා මුඛ ස්ටෙරොයිඩ් භාවිත කරන අය, දුර්වල ප්‍රතිශක්තිය ඇති අය පිළිකා හෝ HIV හෝ ඉන්ද්රිය බද්ධ කළ පුද්ගලයන් වැනි අය එම කාණ්ඩ වේ.
බොහෝ විට තමන්ගේ ශ්වසන රෝගවලට හේතුව HMPV දැයි ආසාදිතයන් නොදනී.
ආසාදනය හඳුනා ගැනීමට නාසයේ හෝ උගුරේ පටල පරීක්ෂාවක් කළ හැකිය.
වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ වේගවත් ප්‍රතිඵල ලබා දෙන නමුත් අණුක පරීක්ෂණ වඩාත් නිවැරදි වේ.
HMPV ආසාදන පැතිරීම වළක්වා ගැනීමට අවම වශයෙන් තත්පර 20ක් සබන් හා වතුරෙන් නිතර අත් සේදීම සහ අත් නොසෝදා ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීමට වගබලා ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත හැකිය.
හොඳ ශ්වසන සනීපාරක්ෂාව පවත්වා ගැනීම වැදගත්ය.
කැස්ස හෝ කිවිසුම් ඇතිවන විට මුඛය හෝ නාසය ආවරණය කිරීම මෙයට ඇතුළත් වේ.
ජනාකීර්ණ ස්ථානවල විශේෂයෙන් ශ්වසන ආසාදන බහුලව ඇති ප්‍රදේශවල මුහුණු ආවරණ පැළඳීම ගැන සළකා බැලිය යුතුය.
ඊට අමතරව, ශ්වසන ආසාදන ඇති අය මුහුණු ආවරණ පැළඳිය යුතු අතර අන් අය සමඟ අනවශ්‍ය සම්බන්ධතා වළක්වා ගත යුතුය.
HMPV ආසාදනවලට ප්‍රතිකාර කිරීමේ දී බොහෝ පුද්ගලයන්ට නිසි විවේකය, ප්‍රමාණවත් තරල සහ රෝග ලක්ෂණ සඳහා කරන තාවකාලික ප්‍රතිකාර මගින් නිවසේදී සුවය ලැබේ.
ප්‍රකෘතිමත් වීමේ කාලය සාමාන්‍යයෙන් සති එකක් හෝ දෙකක් පමණ වේ.
දැනට HMPV ආසාදන සඳහා ප්‍රතිවෛරස් ප්‍රතිකාර නොමැති අතර ආසාදන වැළැක්වීමට එන්නතක් නොමැත.
HMPV ආසාදනවල වත්මන් තත්ත්වය සැළකීමේදී චීනයේ, විශේෂයෙන් උතුරු ප්‍රදේශවල රෝගීන් සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබේ.
විශේෂයෙන්ම වයස අවුරුදු 14ට අඩු ළමුන් අතර රෝගය වැඩිවී ඇත.
දැනට, චීනය තවමත් HMPV ආසාදන වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
HMPV ආසාදන වසර ගණනාවක් පුරා පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart