Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශගුණික විපර්යාසවල බලපෑම් වඩාත් එල්ලවන පළතුරක් වන බැවින් කෙසෙල් වඩාත් මිල අධික වනු ඇතැයි එම කර්මාන්තයේ ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙක් BBC පුවත් සේවය වෙත පවසා තිබේ.
ලෝක කෙසෙල් සංසදයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ පැස්කල් ලියු පවසන්නේ දේශගුණික බලපෑම් කෙසෙල් සැපැයුමට දැවැන්ත තර්ජනයක් එල්ල කරන බවයි.
එමෙන්ම දේශගුණික බලපෑම් කෙසෙල් වගාව තුළ වේගයෙන් පැතිර යන රෝගවල බලපෑම් සංකීර්ණ කරන බවද ඔහු පවසා තිබේ.
දේශගුණික විපර්යාස හමුවේ කෙසෙල් වගාවට එල්ල වන අභියෝගවලට මුහුණදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සංසදය රෝමයේදී රැස්විය.
කාලගුණික බලපෑම් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ඇතැම් වෙළඳසැල් මෑතකාලීනව කෙසෙල් හිඟයකට මුහුණ දී තිබේ.
ස්වාභාවික කහ පැහැයෙන් යුත් පෝෂ්‍යදායී හා රසවත් කෙසෙල් යනු ලොව වැඩිවශයෙන් අපනයනය කරන පළතුරයි.
බ්‍රිතාන්‍ය සෑම වසරකම කෙසෙල් බිලියන 5 ක් පමණ ආනයනය කරන අතර ඉන් 90% ක් පමණ ප්‍රධාන සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කරනු ලැබේ.
බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළඳසැල් කිහිපයක ඉකුත් සතියේ දී කෙසෙල් හිඟයක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
එරට සිල්ලර වෙළෙන්දන් පවසන්නේ කුණාටු තත්ත්වය හමුවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කෙසෙල් සැපැයුම් ප්‍රමාද වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart