April 2, 2024

ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරාගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු ඊයේ (1) සමත් වූහ.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් ඊයේ උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ශාරීරික අභ්‍යාසවල නිරතව සිටියදී ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසලින් එක්වරම කාන්තාවක මුහුදට පැන ඇත.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඇයට ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

දිවි පරදුවට තබා කළ මෙම නිර්භීත කාර්යය වෙනුවෙන් පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරි මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්. ජමල්ඩීන්ගේ ඇගැයීමට ලක්විය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%