Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයන් කිහිපදෙනකු සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනකු ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්තිනාමයට කැළලක් ඇති වන ලෙස ඇතැම් දේශපාලඥයන් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත්, ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේත් සමාජගත කොට තිබූ තොරතුරද ආණ්ඩුකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
ඉන් අනතුරුව ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළආණ්ඩුකාරවරයා, එල්ල වී ඇති මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව පැවැසීය.
තමන්ට අවශ්‍ය වන්නේ වැඩක් කිරීමට බව පැවසූ ආණ්ඩුකාරවරයා, පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙළාදකින බවද පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart