February 27, 2025

ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ වැටළීමකදීය.

එහිදී සොයාගත් ආයුධ අතරට T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 22ක් ඇතුළත් වේ.