March 2, 2024

දුර්වල සාක්ෂි සහිත නඩු විභාගයක් හේතුවෙන්, නිරුවත පෙන්වමින් විදේශීය කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩුවෙන් නිදහස් කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ තලංගම පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකරමින් විදේශීය කාන්තාවට අශෝභන ලෙස සිය අවයව නිරාවරණය කර ලිංගික අතවර කළ බවට චෝදනා කර තිබේ.

පැමිණිලිකාර කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ, රියැදුරකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා, අඩු වේගයකින් වාහනයක් පදවාගෙන යද්දී තමාට අවයව නිරාවරණ කළ බවත්, සිද්ධියෙන් තමාට අවමානයක් සිදුවූ බවත්ය.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

මෙම නඩුව සැළකිව යුතු කාලයක් පැවති අතර, විදේශීය කාන්තාව යම් යම් දිනවලදී වරින් වර උසාවියට ​​පැමිණ තිබේ.

කෙසේවෙතත්, අවසන් අදියරේදී ඇය අතුරුදහන්ව ඇත.

අවසානයේ සාක්‍ෂි සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පොලිසිය නඩුව ප්‍රමාණවත් ලෙස ඔප්පු කර නොමැති බව තීරණය කළ අතර, ඒ අනුව විත්තිකරු නිදහස් කර තිබේ.

42.31%
17.27%
32.76%