Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාල ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සමඟ සිදුකළ නැවුම් සාකච්ඡාවකදී, තමන්ට සමාන සැළකීමක් අවශ්‍ය බවත් අතීත සිදුවීම් නැවත සළකා බැලීමක් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකාව පවසා ඇත.
මානව හිමිකම් සහ වගවීමේ ගැටලු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා 2021 දී සම්මත කරන ලද යෝජනාව සහ ආර්ථික අර්බුදයෙන් පැනනගින ගැටලු පිළිබඳ වැඩි විස්තර පිළිබිඹු කිරීම සඳහා පසුගිය වසරේ යාවත්කාලීන කරන ලද යෝජනාවට නායකත්වය දෙන්නේ ,එය යෝජනා කළ මූලික රටවල් කණ්ඩායම අතරින් එක්සත් රාජධානියයි.
කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය අනෙකුත් රටවල් වේ.
පසුගිය වසරේ යෝජනාවේ මෙහෙයුම් ඡේද (OP) 8 මගින් , මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ අධිකරණයට සහායවීම සඳහා තොරතුරු රැස්කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කිරීමේ හැකියාව ඇති කළ මුල් යෝජනාවෙන් ආරම්භ කරන ලද කාර්යය දිගටම කරගෙන යාමට උත්සාහ කරයි.
යෝජනාව ඉදිරිපත් කරන විට, එක්සත් රාජධානිය පැවසුවේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමට ශ්‍රී ලංකාවේ දේශීය නෛතික යාන්ත්‍රණයන් ලබා ඇති ප්‍රගතිය නොමැතිකමට ප්‍රතිචාර වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, III වැනි චාල්ස් රජුට විධිමත් හා චාරිත්‍රානුකූලව අක්තපත්‍ර ඉදිරිපත් කිරීමට පෙර, නොවැම්බර් 23 වැනි දින විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ දී වයිස් මාර්ෂල් සහ ප්‍රොටෝකෝලයේ අධ්යක්ෂ වික්ටෝරියා බස්බි වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත පිළිගැන්වූ අවස්ථාවේදී ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පිළිබඳව සාකච්ඡා කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගත්කල, ඔහු එක්සත් රාජධානියේ රජයට දන්වා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සමාන සැළකීම පමණක් බවත්, නමුත් අතීතයේ සිදු වූ දේ නැවත සළකා බැලීමක් අවශ්‍ය නොවන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart