Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට ආනයනය කෙරෙන ඉන්ධන වර්ග සඳහා තවමත් මෙරට ජනතාව ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවමින් සිටින බව ඒ පිළිබඳ දත්ත නිරීක්ෂණයේ දී පෙනීගොස් තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ දත්ත පෙන්වා දෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රෝල් මෙරට ආනයනය කිරීමේ දී ලීටරයක මිල රුපියල් 205.79ක මට්ටමේ පවතින බවයි.
ක්‍රියාවලි ගාස්තු, ප්‍රවාහන වියදම් සහ බෙදාහැරීමේ ගාස්තු ඇතුළු සෙසු වියදම් සමග ඔක්ටේන් 92 පෙට්‍රෝල් ලීටරයක මිල මිල රුපියල් 228.22ක බවට පත්වේ.
ඔක්ටේන් 92 ලීටරයක් සඳහා වන බදු මුදල් ලෙස රුපියල් 130.44ක් අය කෙරෙන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය ලෙස රුපියල් 4.60ක්, පරිපාලන ගාස්තු ලෙස රුපියල් 4.34ක් සහ පිරිපහදු වියදම් ලෙස රුපියල් 3.35ක් ද අයකරනු ලබයි.
ඒ අනුව, ඔක්ටේන් 92 ලීටරය අවසන් මිල රුපියල් 370.95ක් ලෙස සටහන් වන අතර මිල ගැළපීම අනුව ලීටරය විකුණුම් මිල රුපියල් 371ක් බවට පත්ව තිබේ.
ඒ අනුව පෙනීයන්නේ, ආනයනයේ දී රුපියල් 206කට ආසන්න වන ඔක්ටේන් 92 ලීටරයකට සෙසු වියදම් ලෙස රුපියල් වැයවන්නේ රුපියල් 37කට ආසන්න ගණනක් වන අතර ඉතිරි සියල්ල බදු වශයෙන් අයකෙරෙන බවයි.
සෙසු සියලු වියදම්වලට වඩා ඉන්ධන ලීටරයකට අයකරන බද්ද තවමත් ඉහළ අගයක පවතින බව ඒ අනුව පැහැදිලි වේ.
මේ අයුරින්ම ආනයන වියදම රුපියල් 232.44ක් වන ඔක්ටේන් 95 ලීටරක් සඳහා බදු මුදල් ලෙස රුපියල් 162.31ක් අයකෙරෙන අතර ආනයන වියදම රුපියල් 213.73ක් වන ලංකා ඔටෝ ඩීසල් ලීටරක් සඳහා බදු මුදල් ලෙස රුපියල් 107.47ක් අය කෙරෙන බව පැහැදිලි වේ.
ආනයන වියදම රුපියල් 214.54ක් වන ලංකා සුපර් ඩීසල් ලීටරක් සඳහා අය කෙරෙන බදු මුදල රුපියල් 133.11ක් වේ.
ඛනිජ තෙල් සංස්ථාව දැනට වැඩිම ලාභ සීමාවක් තබා ඇත්තේ ඔක්ටේන් 95 ලීටරක් සඳහා වන තර එම අගය රුපියල් 14.33කි.
ලංකා සුපර් ඩීසල් ලීටරක් සඳහා රුපියල් 12.58ක ලාභ සීමාවක් පනවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart