January 3, 2024

රටේ ආර්ථික කඩාවැටීමට වගකිවයුත්තන් තම පක්ෂයට නොපිළිගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න පවසති.

ඔවුන් මේ බව සඳහන් කරන ලද්දේ, ඇතැම් මන්ත්‍රීවරුන් පසුගියදා පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“ආර්ථික අවපාතයට වගකිවයුතු අය සමඟ එකතු වීමට අපි කැමති නැහැ,” පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ මෑතකදී වාර්තා වූ සමගි ජන බලවේගයට පක්ෂ මාරුකිරීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

“අප හා එක්වීමට කැමති අය පිරිසිදු විය යුතු අතර අපගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිගැනීමට සූදානම්ව සිටිය යුතුයි ,” යනුවෙන් මෙහිදී ආචාර්ය ද සිල්වා පැවසීය.

42.31%
17.27%
32.76%