42.31%
17.27%
32.76%
September 20, 2023

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා පවසා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන ආකාරයට බංග්ලාදේශ අගමැතිනිය මේ බව පවසා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී පැවැති නිල හමුවකදීය.

එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත්, එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් බංග්ලාදේශ අගමැතිනිය පෙන්වාදී තිබේ.

දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිනි ෂෙයික් හසීනාට සහ බංග්ලාදේශ ජනතාව වෙත සිය කෘතඥතාව පළකර තිබේ.

එහිදී බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අඛණ්ඩ සහාය සිහිපත් කර ඇති ජනාධිපතිවරයා, බංග්ලාදේශයේ ත්‍යාගශීලී ගුණය පිළිබඳව සිය බලවත් ප්‍රසාදය පළ කර අතැයිද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%