October 25, 2023

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොවන බවට සහතික වන බව ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි.

අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසයේදීය.

එහෙත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව සිදුකරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ඇමැතිවරයා පවසයි.

මෙම සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ වන්නේ සමාජයේ අවදානමට ලක්විය හැකි, සමෘද්ධි සහ අස්වැසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම, ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම බවද ඔහු කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී කියාසිටියේය.

වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සූදානමක් නැති බවද හෙතෙම සඳහන් කළේය.

42.31%
17.27%
32.76%