March 29, 2024

බලධාරීන්ට පැමිණිලි කළද කොළඹ ජාතික රෝහලට ජලය සපයන ටැංකි 160ක් වසර කිහිපයක් තිස්සේ පිරිසිදු කර නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ නිසා මෙම අපවිත්‍ර ජලය සනීපාරක්ෂාව සඳහා පමණක් නොව රෝහල්වල මුළුතැන්ගෙය, ආපනශාලා, දැඩි සත්කාර ඒකක, ඇතැම් පරීක්ෂණ සඳහා මෙන්ම රෝහල්වල රසායනාගාරවලට භාවිත වෙමින් ඇතැයි රෝහලේ ප්‍රකාශයෙක් ජනමධ්‍ය වෙත පවසා ඇත.

කලක් සෞඛ්‍ය සහායකයන් රජයේ නිවාඩු දිනවලදී එම ටැංකිවලට බැස ඒවා අතුල්ලා පිරිසුදු කළද මේ වනවිට එයද නතර වී ඇත, ජලය පක්ෂා කරනු ලබන්නේ ක්ෂුද්‍රජීවීන් ඇත්දැයි සොයාබැලීමට පමණකි.

මේ නිසා ජලයේ විෂ ද්‍රව්‍ය එක්වීමේ හැකියාවක් ඇති අතර, එමඟින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි යැයිද, ජලය භාවිත කරන රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට මෙයින් ඉහළ අවදානමක් ඇතිවිය හැකි යැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ තනතුරක් දැරූ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගැනීමට අපොහොසත්ව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට පුහුණු වැඩසටහන් කිහිපයක් ලබාදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයද, මහජන සෞඛ්‍ය සඳහා විශාල මුදලක් වැයකළ බව රෝහල් සේවකයෝ පවසති.

 

42.31%
17.27%
32.76%