Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ.
ජනමාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙම තීරණය ප්‍රකාශ කළේය.
“පාර්ලිමේන්තු මැතිවරණ එනවා. මෙම මැතිවරණයේදී අපේ පක්ෂය ජාතික ජන බලවේගයට සහය දීමට තීරණය කර තිබෙනවා. අපේ පක්‍ෂය වෙනම මැතිවරණයට තරග කරන නමුත් ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදී එය කරනවා.” යනුවෙන් වාසුදේව නානායක්කාර එහිදී පැවසුවේය.
“අපි මේ මැතිවරණයේදී එකට තරඟ කිරීම සඳහා ජාතික ජන බලවේගය සමඟ සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළා. ජනාධිපතිවරණයේදීත් අපි එහෙම කරන්න හැදුවත් ප්‍රතිපත්තිමය මතභේද නිසා ඒක හරිගියේ නැහැ.”
කෙසේවෙතත් තම පක්‍ෂය වෙනම තරග කළද පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහය දෙන බවද වාසුදේව නානායක්කාර පැවසීය.
“අපේ පාක්ෂිකයන්ට අපි කියනවා, අපිට දෙන ඡන්දය ජාතික ජන බලවේගයට දෙන්න කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
තමන් මීට පෙර සහාය පළකළ දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයෙන් තමන් ඉවත් වූ බව ද වාසුදේව නානායක්කාර තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart