Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බඹර ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යෑමත් සමග රෝහලේ සිටි පිරිසක් ද බඹර ප්‍රහාරයට ලක්ව ඇති පුවතක් වාර්තා වේ.
කාන්තාව පසුපසින් පැමිණි බඹරුන් රෝහලේ වෛද්‍ය සායනයකට රැස්ව සිටි පිරිසට සහ එය මෙහෙයවමින් සිටි වෛද්‍යවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහිදී තුවාල ලැබූ අය අතරින් පුද්ගලයන් 11 දෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ඇතුළු කාන්තාවන් අට දෙනෙකු, පිරිමින් තිදෙනෙකු සහ වෛද්‍යවරයා තුවාල ලබා ඇත.
අටබාගේ කලවැල්ගොල්ල ප්‍රදේශයේ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු පහරදීමත් සමග බඹරුන් ඇවිස්සී ඇති අතර ඒ අසලින් ගිය කාන්තාවට දෂ්ට කර තිබේ.
එහිදී කලබලයට පත් වූ කාන්තාව රැකවරණ පතා රෝහලට දිවගොස් ඇත.
ඒ වන විට වෛද්‍ය සායනයක් සිදුවෙමින් පැවතී ඇති අතර කාන්තාව පිරිස අසලට යන විට බඹරුන් ද ඇය පසුපස ගොස් සියල්ලන්ටම පහර දී තිබේ.
පසුව ගිලන් රථ දෙකක් ගෙන්වා බරපතළ තුවාල ලැබූවන් ගම්පොළ රෝහල වෙත ප්‍රවාහනය කර ඇත.
අවට වෙළෙඳසල් හිමියන් ද බඹරුන්ගේ තර්ජනවලට මුහුණ දුන් අතර, ඔවුන් තම වෙළඳසැල් වසා දමා ආරක්ෂාව සඳහා දුම් ගසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart