Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව සමයේ හිටපු ඇමතිවරයකු වන එස්.එම්. චන්ද්‍රසේනගේ සමිපතමයකුගේ බිරිඳක් වන නිලධාරිනියකට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ විසින් ස්ථාන මාරුවක් ලබාදීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සතොස ආයතනය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
ලංකා සතොස ආයතනයේ පුත්තලම කලාපයේ ප්‍රාදේශීය කළමනාකාරවරියක ලෙස සේවය කරන ඩී.එම්.දනුෂා කුමාරි දසනායක යන අයට මෙලෙස අනුරාධපුරයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඇමැතිවරයා ලංකා සතොස ආයතනයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
ඇයට මුහුණදීමට සිදුව ඇති ප්‍රායෝගික ගැටළු පිළිබඳව සළකා බලමින් සානුකම්පිත තත්වයන් යටතේ මෙම ස්ථාන මාරුව ලබාදෙන ලෙස ඇමැතිවරයා දැනුම්දී ඇත.
කෙසේවෙතත් ආයතනයේ සේවකයන් පවසන්නේ, හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ ආරක්ෂකයකුගේ බිරිඳක් වන මෙම නිලධාරිනියට ස්ථාන මාරුවක් ලබාදීමේදී ඇමැතිවරයා නොමග යැවීමක් සිදුකර ඇති බවයි.
ලංකා සතොස ආයතනයේ මීට පෙර දේශපාලන පත්වීම් ලබමින් විවිධ විෂමාචාර ක්‍රියාවන්හි යෙදුණු පිරිස් තවමත් ආයතනය තුළ ක්‍රියාත්මක බව සේවකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් Ceylonwire.lk වෙළඳ ඇමැති වසන්ත සමරසිංහගේ මාධ්‍ය ඒකකයෙන් විමසීමක් කළේය.
ඊට පිළිතුරු ලබාදුන් මාධ්‍ය ඒකකයේ නිලධාරියකු, ඇමැතිවරයා උපුටා දක්වමින් සඳහන් කළේ, මෙම ස්ථාන මාරුව ලබාදීමේදී කිසිදු විශේෂත්වයක් සිදුකර නොමැති බවත්, අදාළ නිලධාරිනියට මුහුණදීමට සිදුව ඇති සානුකම්පිත තත්වය පිළිබඳව පමණක් සළකා බලා එම අවස්ථාව සලසාදී බවත් ය.
එසේම ආයතනයේ සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශපාලන භේදයකින් තොරව කටයුතු කරන බවද ඇමැතිවරයා දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart