October 28, 2024

ශ්‍රී ලංකාවේ දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (28) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදීමට නියමිතය.

නාඩු, සුදු සහ රතු කැකුළු සහල් ඇතුළු ප්‍රභේද කිහිපයක වෙළෙඳපොළ හිඟයක් මධ්‍යයේ සහල් සැපයුම සොයාබැලීමට ජනාධිපතිවරයාගේ නියෝගයෙන් පසුව මෙම තක්සේරුව සිදුකර ඇත.

කෙසේවෙතත් වාර්තා අනාවරණය කරන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම වාර්තාව සකස් කර ඇත්තේ සහල් මෝල් හිමියන් ලබාදුන් දත්ත අනුව මිස, අදාළ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුව නොවේ.

ඒ අනුව දෛනිකව සහල් මෝල්වලින් නිෂ්පාදනය කෙරෙන සැබෑ සහල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි දත්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුව පවතීද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස්වලට ප්‍රතිචාර වශයෙන් අධිකාරියේ නිලධාරීන් විසින් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සෙනසුරාදා (26) සහ ඉරිදා (27) නිරීක්ෂණ චාරිකා සිදුකරන ලදී.

ප්‍රධාන සහල් ප්‍රභේදවලට බලපාන සැපයුම් ගැටලු විසඳීම සඳහා මෙම සොයාගැනීම් රජයට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදීද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා මෙවැනිම විමර්ශනයක් සිදුකළද එය ප්‍රතිඵලදායක නොවීය.

42.31%
17.27%
32.76%