Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවශ්‍ය වන කරුණු සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කළ යුතු බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩුකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී තර්ජනය කළ බවට කරන ලද ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමිනි.
කළුතර පැවති මහජන රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා පසුගියදා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සැපයීම සඳහා රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් වැය වන බවයි.
හිටපු රාජ්‍ය නායකයන්ට ලබා දෙන ආරක්ෂාව 60 දක්වා අඩු කිරීමට තීරණයක් ගෙන ඇති බව පවසමින් ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේ දිගින් දිගටම පැමිණිලි කළහොත් එම ආරක්ෂක නිලධාරීන් ද ඉවත් කිරීමට පසුබට නොවන බවයි.
ජනාධිපතිවරයා ඒ සිදුකරනු ලැබුවේ තර්ජනයක් දැයි රූපවාහිනී වැඩසටහනකදී කළ විමසීමකට විදේශ අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන ආරක්ෂාව අඩු කිරීමේ තීරණය බුද්ධි වාර්තා මත පදනම්ව විශේෂඥ කමිටුවක් විසින් ගත් බවයි.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් නීතියක් පවතින නමුත් ඔවුන්ගේ ආරක්ෂක තොරතුරු සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ හිටපු නායකයන්ට ඇති අවදානම් මට්ටම පිළිබඳ බුද්ධි ඒකකයේ වාර්තා මත බවයි.
හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂකයන් සැපයීමට අවශ්‍ය නැති බව විශේෂඥ කමිටුවේ අදහස බව අමාත්‍ය හේරත් ප්‍රකාශ කර තිබේ.
“අවශ්‍ය කාරණාවලදී අනතුරු ඇඟවීම් කළ යුතුයි. සමහරු මෙය විහිළුවක් ලෙස ගනිමින් රජයට දැඩි තීරණ ගැනීමට නොහැකි බව පෙන්වීමට උත්සාහ කරනවා. අපට දැඩි තීරණ ගන්න පුළුවන්,” යනුවෙන් ඔහු පවසා තිබේ.
සාධාරණත්වය සහතික කිරීම සඳහා රජය හිටපු ජනාධිපතිවරයාට 60 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක් සැපයීමට තීරණය කළ බව අමාත්‍ය හේරත් සඳහන් කළේය.
මෙම වරප්‍රසාදය ලබාගැනීම සඳහා තම ජීවිතයට තර්ජන ඇති බව පවසමින් අනුකම්පාව ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ට ආරක්ෂාව සැපයීමට රජයට අවශ්‍ය නොවන බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart