Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුධ අපරාධ සිදුකළ බවට හෙළිදරව් වූ මෙරට හමුදා ප්‍රධානීන්ට එරෙහිව විශ්ව අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ අන්තර්ජාතික අධිකරණවල නඩු පැවරීමට රටවල් කිහිපයක් එක්ව මේ වනවිට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු කාරක සභාවක් අනාවරණ කරයි.
මෙම බාහිර යාන්ත්‍රණය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ගෙන අන්තර්ජාතික අධිකරණයේ නඩු පැවරීමට මෙරට හමුදා ප්‍රධානීන්ට සහ හමුදා නිලධාරීන්ට එරෙහිව දිගින් දිගටම සාක්ෂි රැස් කරමින් සිටින බව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණ කළේය.
ශ්‍රී ලංකාවේ යුද්ධය එල්ටීටීඊයට එරෙහි යුද්ධයක් නොව දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් ලෙස හැඳින්වීමට මෙම බාහිර යාන්ත්‍රණයට හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව අන්තර්ජාතික හමුදා අධිකරණයේ නඩු පැවරීම රණවිරුවන්ගේ ආත්ම අභිමානයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බවත්, අනෙකුත් රටවල් යුද අපරාධ චෝදනා එල්ල කිරීම නැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය වහා පියවර ගත යුතු බවත් කමිටු සභාපති සරත් වීරසේකර අවධාරණය කර ඇත.
ජිනීවා මානව හිමිකම් සංවිධාන ගෙන එන බාහිර යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සතුව ඇති උපාය මාර්ග සහ අන්තර්ජාතික හමුදා අධිකරණයේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරුවහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඇති සූදානම පිළිබඳ කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා ඇත.
ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරමින් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව කටයුතු කරන රටවල් දැනුවත් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart