March 30, 2024

ඉංගි­රිය පොලිස් වස­මට අයත් කොටි­ගල, හඳ­පා­න්ගොඩ ප්‍රදේ­ශයේ වසර 100කට වඩා පැරණි, පාළු­වට ගිය වලව් පන්නයේ නිවෙ­සක පව­ත්වා­ගෙන ගිය ගණිකා නිවා­ස­යක් වටළා, එහි කළ­ම­නා­කරු ලෙස කට­යුතු කළ, කලක් මහ­ණව සිට සිවුරු හැරගිය පුද්ග­ල­යකු ඇතුළු තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඉංගි­රිය පොලි­සිය ඊයේ (29) සමත්ව තිබේ.

‘යුක්තිය’මෙහෙ­යු­මට සම­ගා­මීව මෙහෙ­යුම දියත් කර ඇති අතර, මෙම සිවුරු හැර­ගිය පුද්ග­ලයා ගණිකා නිවා­සයේ සියලු කට­යුතු පව­ත්වා­ගෙන ගොස් ඇති බව විම­ර්ශ­න­ව­ලදී තහ­වුරු වී තිබේ.

මාතර, කඹු­රු­පි­ටිය පදිංචි 48 හැවි­රිදි මෙම සැක­කරු පොලිස් භාර­යට ගැනී­මෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී, තමා පස්ප­වින් වැළකී කාල­යක් මහ­ණ­දම් පිරූ තැනැ­ත්තකු බවත්, පසුව මෙලෙස මුදල් සෙවී­මට පෙල­ඹුණු නමුත් මෙම ක්‍රමය ද අසා­ර්ථක බව අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසු හැඟී ගිය බැවින් නැවත මහණ වීමට අද­හස් කරන බවත් පොලි­සි­යට පවසා ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් අනෙක් දෙදෙ­නා­ගෙන් අයෙක් ගණිකා සේවයේ යෙදුණු කාන්තා­වක් වන අතර, 38 හැවි­රිදි ඇය බිංගි­රිය ප්‍රදේ­ශයේ පදිංචි, සැමි­යා­ගෙන් වෙන්ව වෙසෙන දෙදරු මවකි.

මෙම කාන්තාව රුපි­යල් 3,000ක මුද­ලට සේවය සැප­යීමේ පද­නම මත මෙහි රැකි­යාව සිදු කර ඇති බව පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව ඇති අතර, අත්අ­ඩං­ගු­වට පත් තුන්වැන්නා ඇය­ගෙන් සේවය ලබා ගැනී­මට පැමිණි පාදුක්ක ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි අවි­වා­හක තරු­ණ­යෙකි.

පෞරා­ණික වල­ව්වක ස්වරූ­ප­යක් ගන්නා ඉතා පැරණි නිවෙ­සක් වන මෙම ස්ථානය සිවුරු හැර ගිය සැක­කරු විසින් මස­කට රුපි­යල් 60,000ක කුලී පද­න­මක් මත ලබාගෙන තිබූ බව හෙළිව තිබේ.(දිනමිණ)

42.31%
17.27%
32.76%