42.31%
17.27%
32.76%
August 15, 2024

දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකුට බඹර දෂ්ට කිරීම් හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඊයේ පස්වරුවේ සීගිරියට ඇතුළුවීම අත්හිටුවනු ලැබ තිබේ.

සීගිරිය ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් පවසා ඇත්තේ, බඹර උවදුර හේතුවෙන් සංචාරකයින් සිය ගණනකට සීගිරිය නැරඹීමේ අවස්ථාව ඊයේ අහිමි වූ බවයි.

විදේශීය සංචාරකයින් 26 දෙනකු සහ දේශීය සංචාරකයින් 13 දෙනකු බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සීගිරිය ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව ඔහු පවසා ඇත.

තවත් කිහිපදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබානොගෙන පිටව ගොස් ඇති බවද ඔහු පවසා තිබේ.

සංචාරකයන්ට සීගිරියේදී බඹර ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සිද්ධියෙන් කම්පනයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

පවතින දැඩි රස්නය සහ සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති බව විශ්වාස කෙරේ.

මේ අතර සංචාරක මගපෙන්වන්නන්ගේ අදහසවී ඇත්තේ, බඹරුන්ට හානියක් නොවන පරිදි සංචාරකයන් බඹර ප්‍රහාරයෙන් ආරක්‍ෂා කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොවුවහොත් විශාල පාඩුවක් සිදුවිය හැකි බවත්ය.

42.31%
17.27%
32.76%