July 30, 2024

පැරිස් ඔලිම්පික් උලෙළේ මුලික වටයේ දෙවැනි තරගයේදී ද පරාජයට පත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට අද සිදුවිය.

ඒ අනුව,විරේන් නෙත්තසිංහ ස්පාඤ්ඤ බැඩ්මින්ටන් ක්‍රීඩක පබ්ලෝ අබියන් හමුවේ වට දෙකට බිංදුවක් ලෙස පරාජය පත්විය.

මීට පෙර පළමු වටයේ පළමු තරගයේදී ද විරේන් නෙත්තසිංහ මලයාසියානු ක්‍රීඩකයා හමුවේ පරාජය⁣ට පත් වූයේය.

ඔලිම්පික් උලෙළේ සිව්වැනි දිනය වන අද පදක්කම් සටහනේ පෙරමුණේ සිටියේ ජපානයයි.