May 13, 2024

තායිලන්තයේ පැවැති GT World Challenge Asia දෙවැනි වටයේ තරගයකදී රිදී පන්තියේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ එෂාන් පීරිස් සමත් විය.

ඔහු තායිලන්තයේ බුරිරාම් අන්තර්ජාතික ධාවන පථයේ පැවැති GT World Challenge Asia (GTWC) වට 2හි රිදී කුසලාන කාණ්ඩයේදී මෙම ප්‍රශංසනීය ජයග්‍රහණය ලබාගත්තේ ඔහුගේ ධාවන කණ්ඩායමේ සගයා වන ටනාට් සත්‍යන්තිරකුල් සමඟිනි.

මෙම සාර්ථකත්වයට සමගාමීව, ඔවුන් ශූරතාවලියේ ඉහළ ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් සමස්ත P6 මට්ටමට ලඟාවී තිබේ.

සමස්තයක් වශයෙන්, Absolute Racing හි කාර් හයක කණ්ඩායම AWS විසින් තායිලන්තයේ 4.55km Chang International Circuit හිදී Fanatec GT World Challenge Asia හි දැඩි තරඟකාරී දෙවන වටයේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කළේය.

Markus Winkelhock සහ Huang Ruohan සමස්ත ජයග්‍රහණය තහවුරු කළ අතර James Yu Kuai සහ Akash Nandy මෙන්ම එෂාන් පීරිස් සහ Tanart Sathientirakul රිදී කුසලාන පන්ති ජයග්‍රහණවලට හිමිකම් කියා තිබේ.