January 5, 2024

මහනුවර වික්ටෝරියා වේල්ල සහ ඒ අවට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.

ඒ අනුව, ව්‍යාපෘතිය පිළිබදව හා එහි ප්‍රගතිය සොයාබැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, ලලිත් ගමගේ ඊයේ (4) එම ප්‍රදේශයට පැමිණියේය.

මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම තුළින්, දේශීය ජනතාවට නව ආදායම් මාර්ග විවරවන බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, ඉදිකරන ලද වික්ටෝරියා වේල්ල මෙරට විශාලතම වේල්ල ලෙස සැළකේ.

1985දී ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සහ එක්සත් රාජධානියේ හිටපු අගමැති මාග්‍රට් තැචර් විසින් එය විවෘත කරන ලද අතර, වේල්ල ආසන්නයේ වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාවක් ද ස්ථාපිත කර තිබේ. (the morning)

42.31%
17.27%
32.76%