Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනයට තුඩු දුන් කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙතින් සිදු වූ දැවැන්ත දත්ත මුදාහැරීමක් ‘TrekTrendy’ ලෙස හඳුන්වන ජනප්‍රිය යූ ටියුබ් ක්රිකාරිකයකු වන විල් ඩේවිස් විසින් ඉස්මතු කර තිබේ.
යූ ටියුබ් හි මිලියනයකට ආසන්න ග්රාහකයන් සංඛ්‍යාවක් සිටින සුඛෝපභෝගී සංචාරක සමාලෝචකයකු වන විල් ඩේවිස්, ඔහුගේ වීසා බලපත්‍රය බොහෝ කලකට පෙර අනුමත කර තිබියදීත්, ඔහුට වීඑෆ්එස් ග්ලෝබල් වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව සමාජ මාධ්‍යඔස්සේ හෙළිකර තිබිණි.
තමාගේ වීසා බලපත්‍රය බොහෝ කලකට පෙර නුමත කර තිබියදී සෑම දිනකම වෙනත් සංචාරක වීසා පිළිබඳ සම්පූර්ණ නම්, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු විද්‍යුත් තැපෑලෙන් තමන්ට ලැබෙන බව ඔහු පෙන්වා දී තිබේ.
ඒ අනුව එය කෙතරම් දැවැන්ත දත්ත උල්ලංඝනයක්ද යන්න ඔහු ප්‍රශ්න කරයි.
VFS Global එහි වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ වීසා සැකසීම භාරගත් ඉන්දීය සමාගම ප්‍රමාදයන් සිදු කරන බවට සහ අමතර සැකසුම් ගාස්තු අය කරන බවට චෝදනා එල්ල විය.
එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගම් භාර ගන්නා බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ,ඊට ඉන්දියාවේ සම්බන්ධයක් නොමැති බවයි.
මේ අතර, වීසා ක්‍රියාවලිය පිළිබඳ විෂය පථය අයත් වන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ද මේ සතියේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙත එම ක්‍රියාවලිය ලබා දීමට තීරණය කළේ කැබිනට් අනුමැතියෙන් පසුව බවත් එය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක නොකළ බවත්ය.
බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති මතභේදාත්මක VFS Global වීසා නිකුත් කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සහ ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට අද කැඳවීමක් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart