Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 200කට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තා වේ.
මෙම වාහන බලපත්‍ර දී තිබුණේ විදේශයන්ගෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබාදුනහොත්, වැරැදි මතයක් සමාජගත විය හැකි හෙයින්, මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.
එසේම, රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.
වාහන ආනයනය තහනම් කිරීමත් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදු වී ඇතැයි පැවැසේ.
ඒ පිරිස අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart