Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක කටයුතු සඳහා වසරක් පැරණි වාහන ආනයනය කිරීමට ඉඩ සැලසෙන පරිදි වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු පවසන්නේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි මෙය ක්‍රියාවට නංවන බවයි.
ආර්ථික අර්බුදය තුළ පනවා තිබූ වාහන ආනයන තහනම විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා පියවරෙන් පියවර ලිහිල් කරන බව මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියා සිටියේය.
සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා වන වාහන ආනයනය සඳහා පසුගියදා ආනයන තහනම ලිහිල් කළ බවත් සංචාරක කටයුතු සඳහා ද තහනම ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“සංචාරකයන් ප්‍රවාහනය සඳහා සංචාරක කර්මාන්තයේ යෙදෙන වාහන වසර 06කට වැඩි කාලයක් භාවිත නොකිරීම සංචාරක කර්මාන්තයේ සිරිතක් ලෙස සැළකෙනවා.ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදෙන වාහනවල තත්ත්වයත් අපට පෙනෙනවා. එය තෘප්තිමත් සහ ප්‍රමාණවත් නැහැ. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය සළකා බලා කර්මාන්තය නඟා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා” යනුවෙන් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය පැහැදිලි කළේය.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් ආසන 6-15 සහිත විදුලි හා දෙමුහුන් වෑන් රථ 750ක් සහ කුඩා බස් රථ සහ විශාල බස් රථ සඳහා ආසන 16-30 අතර ආසන ධාරිතාවක් සහිත බස් රථ සහ ආසන ධාරිතාව 30-45ත් අතර බස්රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව රාජ්‍ය ඇමැති සියඹලාපිටිය පැවසීය.
විශේෂ බදු සහනයක් නොමැතිව මෙම වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවත් එය සාමාන්‍ය බදු ගෙවීමට යටත් වන බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart