Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක නිර්දේශ රජය විසින් පිළිගනු ලැබුවහොත් ලබන වසර මුලදී එය ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මුදල් ඇමැතිවරයා ලෙස අවසන් තීරණයක් ගෙන ආනයනය පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීම සඳහා කමිටුවේ නිර්දේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ලබන වසර වන විට වාහන ආනයන තහනම ඉවත් නොකළහොත් ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එබැවින් වාහන ආනයනය සාමාන්‍ය තත්ත්වයට පත්කළ යුතු බවට කමිටුව තීරණය කර ඇති බවත් භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශකර තිබේ.
ලබන වසර සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති වැඩි දියුණු කළ ආදායම් ඉලක්කය සැළකිල්ලට ගනිමින් කමිටුව මෙම තීරණය ගෙන ඇත.
එක්සත් ජනපද ඩොලරයේ අගය දිගු කලක් පාලනය කළ නොහැකි බවත්, එබැවින් තහනම ඉවත් කිරීම වැදගත් බවත් භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, නිෂ්පාදිත වර්ෂය ඇතුළුව ආනයනය කිරීමට නියමිත වාහනවල පිරිවිතරයන් තවමත් තීරණය කර නොමැත.
සංචාරක ක්‍ෂේත්‍රය සඳහා වෑන් රථ ඇතුළු වාහන 1000ක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කමිටුව මීට පෙර නිර්දේශ කර තිබිණි.
ඒ සඳහා අවසර ලැබුණේ මෑතකදීය.
තවත් ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ විදේශ සංචිත ඉහළයෑම ද සැළකිල්ලට ගෙන ඇති බවයි.
වාහන ආනයනය කිරීමෙන් අයහපත් බලපෑමක් ඇති නොවනු ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 431 සිට ඩොලර් මිලියන 4,951 දක්වාත්, පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 4,520 දක්වාත් වර්ධනය වී ඇති බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.
භාණ්ඩාගාර නිලධාරියා පවසන පරිදි, වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 800ක් දක්වා පාඩුවක් සිදුවීමට ඉඩ ඇති නමුත්, එමගින් රුපියල් බිලියන 340ක බදු ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart