June 27, 2024

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වෙමින් තිබූ අංක 1008 දරන ශීඝ්‍ර­ගාමී දුම්රියේ ගමන් ගත් එංග­ලන්ත ජාතික විදේ­ශික සංචා­රක තරු­ණි­යන් දෙදෙ­න­කුට දුම්රියේ මැදි­රි­යක් තුළ දී ලිංගික අත­වර කළැයි සැක­පිට එළ­වළු වෙළෙ­න්දකු පෙරේදා (25) පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව හපු­තලේ පොලි­සිය පව­සයි.

කොට­ගල මවු­න්ටන් කඩ වීදීයේ පදිංචි 52 හැවි­රිදි එළ­වළු වෙළෙ­ඳාම් කරන පුද්ග­ල­යකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබි­ණැයි පොලි­සිය කියයි.

ශ්‍රී ලංකාවේ සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ ඇති වයස අවු­රුදු 19 – 24 අතරේ පසු­වෙන එංග­ලන්ත ජාතික විදේ­ශික තරු­ණි­යන් හය­දෙ­නෙකු ඇල්ල ප්‍රදේ­ශයේ සංචා­රය කර පසුව එම සංචා­රක තරු­ණි­යන් පිරිස නුව­ර­එ­ළියට යෑම සඳහා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වෙමින් තිබූ අංක 1008 දරන ශීඝ්‍ර­ගාමී දුම්රි­යට ඇල්ල දුම්රිය ස්ථාන­යෙන් ගොඩවී ඇත.

මේ අතර කොට­ගල ප්‍රදේ­ශයේ එළ­වළු වෙළෙ­ඳාම් කරන සැක­කරු එළ­වළු මිලදී ගැනී­මට බණ්ඩා­ර­වෙල නග­රයේ තොග වෙළෙ­ඳ­ප­ළට පැමිණ එළ­වළු මිලදී ගෙන යළි කොට­ගල යෑමට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වෙමින් තිබූ එම දුම්රියට දුම්රි­යට බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථාන­යෙන් ගොඩ වී තිබේ.

මෙසේ දුම්රියේ ගමන් කර­මින් සිටි­යදී එහි මැදි­රි­යක පාපු­ව­රුව අසල සිටි මෙම එංග­ලන්ත ජාතික විදේ­ශික තරු­ණි­යන් පිරිස සමඟ සැක­කරු හිත­වත් වී ඔවුන් සමඟ කතා කර­මින් යන අත­ර­තුරේ දී සැක­කරු එම සංචා­රක කණ්ඩා­යමේ සිටි අවු­රුදු 19 සහ 21 වයසේ පසු­වෙන එංග­ලන්ත ජාතික විදේ­ශික තරු­ණි­යන් දෙදෙ­න­කුට දුම්රිය තුළ දී අතින් අල්ලා­ගෙන සිප­ගෙන ළැමද අතගා ලිංගික අත­වර කළ බවට එම විදේ­ශීය සංචා­රක තරු­ණි­යන් දුම්රියේ ආර­ක්ෂක නිල­ධා­රීන්ට පවසා හපු­තලේ දුම්රිය ස්ථාන­යට දැනුම් දී සැක­කරු අල්ලා­ගෙන පොලි­සි­යට බාර දුන් බව පැවැසේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු බණ්ඩා­ර­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

42.31%
17.27%
32.76%