August 8, 2024

මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති සිසුවා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සුලු තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවන්ට වරදකරු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 05 දෙනකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් හා දඩ නියමකර තිබේ.

කෙසේවෙතත්, වාස් ගුණවර්ධනගේ බිරිද වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය එහිදි නියෝග කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කර  තිබේ.

මේ අතර, කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය පැනවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගොනුකළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළහ.

42.31%
17.27%
32.76%